ජනාධිපතිවරණය සාධාරණ ලෙස පැවැත්වීමට සැමගේ සහාය අපේක්ෂා කෙරේ
ඉදිරි ජනාධිපතිවරණය වඩාත් සාධාරණ ලෙස පැවැත්වීමට සියලු නිලධාරින්ගේ සහාය අපේක්ෂා කරන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා කියයි.
නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සදහා රාජ්‍ය දේපල අවභාවිතය වැළැක්වීමට රාජ්‍ය නිලධාරින් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් මැතිවරණ කොමිසමේදී ඊයේ පැවැත්විණි.
සියලු අමාත්‍යංශ ලේකම්වරුන්, අතිරේක ලේකම්වරුන් හා රාජ්‍ය ආයතන ප්‍රධානින් මෙම සාකච්ජාවට කැදවා තිබුණි.
CATEGORIES දේශීය පුවත්
