අගුල්මඩුව පාලම ඉදිකිරීමට ගෙනා යකඩ කණු කුඹුරු යායක දිරමින් තිබේ

වීරකැටිය,  අරන්වෙල, අගුල්මඩුව පාලම ඉදිකිරීමට ගෙනා යකඩ කණු තොගයක් තම කුඹුරු යායට දැමීම හේතුවෙන් තමන්ට ගොවිතැන් කිරීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයි එහි ගොවි ජනතාව පවසති.

එහි ප්‍රතිඵලයක් ලෙස අක්කර 15 ක පමණ කුඹුරු යායක් මේ වන විට පුරන්වෙමින් පවතී. මේ පිළිබදව අදාළ නිලධාරීන් දැනුවත් කළද මේ දක්වා කිසිදු  ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයි වීරකැටිය වාරිමාර්ග ඉංජිනේරුවරයා සදහන් කළේය.

මෙම යකඩ කණු කඩිනමින් තම කුඹුරු යායෙන් ඉවත් කර ගන්නැයි ගොවි ජනතාව අදාළ පාර්ශවවලින් ඉල්ලා සිටිති. මාර්ග සංවර්ධන අධිකාරියේ හම්බන්තොට දිස්ත්‍රික් ප්‍රධාන ඉංජිනේරුතුමනි මේ ඔබේ අවධානයටයි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )