මෙරට ඉතිහාසයේ දැවැන්තම සන්ධානය හෙට ගිවිසුම් ගතවේ
සමගි ජන බලවේගය මෙරට ඉතිහාසයේ දැවැන්තම සන්ධානය හෙට බිහිකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි හෙක්ටර් අප්පුහාමි මහතා කියයි.
රට පානනය කිරීමට හැකි පිරිසිදු කණ්ඩායමක් සමගි ජන සන්ධානයට එක්කර ගෙන තිබේ. වංචා දුෂණ සහිත පුද්ගලයන්, මිනිමරුවන් කිසිසේත්ම සමගි ජන සන්ධානයට එක්කර නොගන්නා බව ඔහු සදහන් කලේ පක්ෂ මුලස්ථානයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ජන හද හදුනාගත් නායකයෙකි. රට බංකොලොත් භාවයෙන් ගොඩනැගීමේ හැකියාව සමගි ජන සන්ධානයට හැකි බව ජනතාව පිළිගෙන තිබේ. ඒ අනුව රටේ වගකීම එම සන්ධානයට පැවරීමට ජනතාව සුදානමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රි හෙක්ටර් අප්පුහාමි මහතා පැවසීය.
CATEGORIES දේශීය පුවත්
