ලංකා මහජන කොංග්‍රසයේ සහය කාටද යන්න 14 වැනිදා ප්‍රකාශ කරනවා

මෙවර ජනාධීපතිවරණයේදි සහාය දක්වන අපේක්ෂකයා පිළිබඳ තීන්දුව ලබන 14 වැනිදා ගන්නා බව සමස්ත  ලංකා මහජන කොංග්‍රසය පවසයි.

එම පක්ෂයේ උත්තරීතර සභාව ඊයේ රාත්‍රියේ රැස් වී එම තීරණයට එළඹි බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

තම පක්ෂය සහාය දෙන අපේක්ෂකයා ජයග්‍රහණය වෙනුවෙන් රටපුරා පුළුල් ප්‍රචාරක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවද හෙතෙම කියයි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )