
බන්දුල ගුණවර්ධන මහතා ගැටඹේ ගුවන් පාලමේ ඉදිකිරිම් නැවත ආරම්භ කිරිම පිළිබඳව සොයා බලයි
ශ්‍රි ලංකාවේ විදේශිය ණය ප්‍රතිව්‍යුහගත කිරිමේ ගිවිසුම් අත්සන් කිරිමත් සමඟ අතරමග නතර කර තිබු ගැටඹේ ගුවන් පාලමේ ඉදිකිරිම් නැවත ආරම්භ කිරිම සඳහා ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ සඳහා ණය ආධාර සපයන හංගේරියානු රජයේ නියෝජිත පිරිසක් අද එහි නිරික්ෂණ චාරිකාවක නිරත වූහ.
එහිදී හංගේරියානු නියෝජිතයන් වෙත පාලමේ ඉදිකිරිම් වල වත්මන් තත්ත්වය අමාත්‍යවරයා පැහැදිලි කළේය. මහනුවර නගරයේ රථවාහන තදබදයට පිළියමක් ලෙස මෙම පාලම කඩිනමින් ඉදිකිරිමේ වැදගත්කම ඔහු පෙන්වා දුන්නේය.
CATEGORIES දේශීය පුවත්
