යල කන්නයේ වී අස්වැන්න පිළිබඳව පුරෝකථන වාර්තාවක්

යල කන්නයේ වී අස්වැන්න පිළිබඳව පුරෝකථන වාර්තාවක්

2024 යල කන්නයේ වී අස්වැන්න පිළිබඳව පුරෝකථන වාර්තාවක් ලබාදෙන ලෙස ඇමති මහින්ද අමරවීර මහතා  කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට දුන් උපදෙස් අනුව එම වාර්තාව ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව යල කන්නයේදි වගා කිරීමට ඉලක්ක කළ කුඹුරු ප්‍රමාණය හෙක්ටයාර් පන් ලක්ෂ  40 දහසකි. ඉන් හෙක්ටයාර් හාර ලක්ෂ 80 දහසක වගා කටයුතු සිදු කර ඇත.

එය වගා ඉලක්කයෙන් සියයට 88 ක ප්‍රගතියකි . මේ අනුව යල කන්නයේදි මෙට්‍රික් ටොන් මිලියන 2 ක වී අස්වැන්නක් ලැබෙනු ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

මේ වනවිට පසුගිය මහ කන්නයේ වී අස්වනු ද රට තුළ පවතින බැවින් මෙම වසරේදී  පරිභෝජනයට අවශ්‍ය සමස්ත සහල් ප්‍රමාණය රට තුලින්ම නිෂ්පාදනය කර ගැනීමට හැකිවන බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

වී වගා කරන ලද ප්‍රදේශ අතුරින්  නැඟෙනහිර හා උතුරුමැද පළාත්වල අස්වැන්න නෙලීම දැන් සිදු කෙරේ.

පසුගිය කන්න කිහිපයේදී වගා කළ කීරි සම්බා වගා වපසරිය ඉතා අඩු මට්ටමක පැවතියත් මෙවර යල කන්නයේදී හෙක්ටයාර් 61 දහසක කීරි සම්බා වගා කර ඇත.

ඒ අනුව වෙළෙඳපලට හිඟයකින් තොරව කීරි සම්බා සැපයීමේ හැකියාව පවතින බව එම වාර්තාවෙන් පෙන්වා දී තිබේ.

CATEGORIES
TAGS
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )