වලසුන් ගම්වැදීම පිළිබඳ පරීක්ෂණයක්

පොළොන්නරුව ඇතුලු ප්‍රදේශ කිහිපයකින් වාර්තා වූ වලසුන් ගම්වැදී ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීමේ සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි  වනජීවි  සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්  චන්දන සූරිය බණ්ඩාර මහතා පවසයි.

පරිසර තත්ත්වය සහ කාලගුණික සාධක ඇතුලු  කරුණු රැසක් අධ්‍යයනය කළ යුතු බව හෙතෙම කියයි.

පොළොන්නරුව දියබිඳුම ප්‍රදේශයේ  හැලිකිඹුලාවල ගම්මානයට ඊයේ කඩාවැඳුණු වලසෙකු පුද්ගලයන් සපාකෑමේ සිද්ධියක් වාර්තා විය.

මීට සතියකට පෙර  සීගිරිය සහ හබරණ  ප්‍ර දේශයේදීද  වලසෙකු ගම්මාන කිහිපයකට ප්‍රහාර එල්ල කර තිබුණි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )