බංගලාදේශයේ නව නායකයා ලෙස මුහම්මද් යූනුස් නම් කෙරේ
බංගලාදේශයේ අන්තර්වාර නායකයා ලෙස මුහම්මද් යූනුස් මහතා නම් කර තිබේ.
එරට බලයෙන් පහ කළ අගමැති ෂික් හෂීනා මහත්මියගේ දිගුකාලීන දේශපාලන සතුරා වන නොබෙල් ත්‍යාගලාභී යූනුස් මහතා 84 හැවිරිදි වියේ පසුවෙයි.
ඔහු අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශක ලෙස පත්කරනු ලැබුවේ සති කිහිපයක් පුරා පැවති ගැටුම් වලින් පසු හෂීනා මහත්මිය රටින් පළාගොස් දිනකට පසුවයි.
ක්ෂුද්‍ර ණය භාවිතය සම්බන්ධයෙන් මහාචාර්ය යූනුස් මහතාගේ දායකත්වය එරට ජනතාව අතර ප්‍රශංසාවට ලක්ව තිබේ.
කෙසේවෙතත් හෂීනා මහත්මිය ඔහුව මහජන සතුරෙකු ලෙස සැලකූ අතර ප්‍රාදේශිය අධීකරණයක් මගින් ඔහුට සිර දඬුවම් ද නියම කෙරිණී.
CATEGORIES විදෙස් පුවත්
