ජනපතිගේ කාර්යසාධනය සෑම ක්ෂේත්‍රයක් ඔස්සේම මේ වනවිට දැකගත හැකියි

ජනපතිගේ කාර්යසාධනය සෑම ක්ෂේත්‍රයක් ඔස්සේම මේ වනවිට දැකගත හැකියි

පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30 ට  රැස්විය. වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය  පාර්ලිමේන්තුවේදී මේ වනවිට පැවැත්වේ.

යෝජනාව ගෙනඑමින් අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රි මධුර විතානගේ මහතා පැවසුවේ  2022  තීරණාත්මක වසරක්  වූ බවයි. අද බංගලාදේශයට  අත් වී ඇති තත්ත්වය  ශ්‍රි ලාංකිකයින්ටද අත්විඳිමට ඉඩ තිබු බව ඔහු පැවසිය.

මැයි  09 වැනිදා  අති බිහිසුණු තත්ත්වයක් රට තුළ හටගත් බවත් .  මේ හේතුවෙන් ජාතික ආරක්ෂාව අහිමි වූ බවත් ඔහු පැවසීය.  බොහෝදෙනා එය  අමතක කිරිමට උත්සාහ කරන බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

හිටපු ජනාධිපතිවරයා රට බාරගැනීමට විපක්ෂයට ආරාධනා කළද ඔවුන් ඉන් පලාගිය බව පැවසූ ඒ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට බාරගැනීමෙන්  පළාගිය අයට මෙන්ම ත්‍රස්තවාදීන්ටද හොඳ පිළිතුරක් ලබාදුන් බව පැවසීය.

ජනාධීපතිවරයාගේ කාර්ය සාධනය සෑම ක්ෂේත්‍රයක් ඔස්සේම මේ වනවිට දැකගත හැකි බව හෙතෙම කීවේය.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )