
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම් කිසිසේත් කඩකළ නොහැකියි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෝ ණය හිමියන් සමග ඇතිකර ගත් ගිවිසුම්වල කිසිඳු කොටසක් වෙනස් කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
එසේ කළහොත් ශ්‍රී ලංකාවට ලැබෙන අරමුදල් අහිමි විය හැකිය. ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ මාධ්‍ය ප්‍රධානීන් සමග අද පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.
සියළු අපේක්ෂකයින් තම ඡන්ද දායකයින්ට සත්‍ය ප්‍රකාශ කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ඇතැමුන්ට කථා කිරීමට හැකිවී ඇත්තේ දූෂණය පිළිබඳ පමණි.
නමුත් තමා දූෂණය වැලැක්වීම වෙනුවෙන් නීති රැසක් සම්පාදනය කර ඇතැයි ජනාධිපතිවරයා පැවසීය. අපරාධයකින් උපයා ගත් දේපල පිළිබඳ පනත් කෙටුම්පත ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කෙරේ.
තමා කිසි විටෙකත් දූෂණ චෝදනා ලැබූ කිසිවෙකුත් ආරක්ෂා කර නැතැයි ජනාධිපතිවරයා අවධාරණය කළේය.
CATEGORIES දේශීය පුවත්
TAGS Ranil Wickremesinghe
