ජාත්‍යන්තර සහයෝගිතාව නොමැතිව ඉදිරි අයවැය ලේඛණය සකස් කළ නොහැකි

ජාත්‍යන්තර සහයෝගිතාව නොමැතිව ඉදිරි අයවැය ලේඛණය සකස් කළ නොහැකි

වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය  පාර්ලිමේන්තුවේදී අද පැවැත්විණි.

ආණ්ඩු වෙනස් වූ පමණින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ගිවිසුම් වෙනස් කළ නොහැකි බව විවාදයට එක්වූ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.  නිල කමිටුව සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණයට ගිවිසුම්ගත වී තිබේ.

ඊට අදාල පනත් ද සම්මත කරගෙන ඇතැයි අමාත්‍යවරයා පැවසීය.  සමගි ජනබලවේග රජයක් යටතේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ගිවිසුම් වෙනස් වන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කර තිබුණි.

නමුත් එසේ කිරීමෙන් ඔවුන්ට බලය පවත්වාගත හැක්කේ සති 3 ක් වැනි ඉතා කෙටි කාලයක් පමණක් බව අමාත්‍යවරයා සඳහන් කළේය.  ජාත්‍යන්තර සහයෝගිතාව නොමැතිව ඉදිරි අයවැය ලේඛණය සකස් කළ නොහැකිය.  ගිවිසුම්වලට ගරු නොකරන්නේ නම් 2048 දක්වා හෝ රට පවත්වාගෙන යා නොහැකි බව ගුණවර්ධන මහතා සඳහන් කළේය.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )