
මහබැංකු කොල්ලයට වඩා VFS ගනුදෙනුවේ මුල්‍ය වංචාව අතිවිශාලයි
2015 වසරේ සිදුවු මහබැංකු කොල්ලයට වඩා වී එෆ් එස් ගනුදෙනුව මගින් සිදුවු මුල්‍ය වංචාව අතිවිශාල බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසයි.
මහබැංකු කොල්ලය සිදු කළේ ද මැතිවරණයක් ආසන්න පසුබිමකයි. සමගි ජනබලවේග ප්‍රධාන කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. සංචාරකයින්ට වීසා නිකුත් කිරීම ශ්‍රී ලංකාවේ දීර්ඝකාලිනව සිදුවු ක්‍රියාවලියකි.
මෙරටට පැමිණෙන සංචාරකයින්ට වීසා නිකුත් කිරීම භාරදී තිබුණේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයටයි. ඒ සඳහා මොබිටෙල් ආයතනයේ සහාය හිමිවිය.
එම ආයතන වීසා බලපත්‍රයක් නිකුත් කිරීමට ඩොලර් එකක මුදලක් පමණක් අය කළ බව හෙතෙම සඳහන් කළේය.
CATEGORIES දේශීය පුවත්
TAGS GL Peiris
