කන්දල්ඔය වත්තටත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයක් ස්ථාපිත කර දෙන්නැයි ඉල්ලීමක්

බුලත්කොහුපිටිය ප්‍රදේශයේ පැලැම්පිටිය වසමට අයත් පහල පැලැම්පිටිය කන්දල්ඔයවත්ත වැනි ගම්මානවල ජීවත් වන ජනතාවට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයකින් සේවා ලබා ගැනීමට බොහෝ දුරක් ගමන් කිරීමට සිදුව ඇතැයි චෝදනා නැඟෙයි.

ඒ වෙනුවෙන් කිලෝමීටර් 50 ක පමණ දුරක් ගමන් කළ යුතුය.  ඊට අදාලව විශාල පිරිවැයක් ද දැරීමට සිදුවෙයි.

එබැවින් අදාල ගම්මානවලට පහසුවෙන් ළඟාවිය හැකි පරිදි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයක් ස්ථාපිත කර දෙන්නැයි ජනතාව අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )