
ජනපති මාස 3ක් ඇතුළත ජනාධිපතිවරණය සඳහා වැඩි මුදලක් වියදම් කරලා
වත්මන් ජනාධිපතිවරයා මාස 3 ක් ඇතුළත ජනාධිපතිවරණය සඳහා වැඩි මුදලක් වියදම් කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.
වී එෆ් එස් ගනුදෙනුව අත්සන් කළේ ජනාධිපතිවරණය සඳහා මුදල් වියදම් කරන්නැයි සැකයක් පවතී. මෙවැනි දූෂිත ගනුදෙනු රැසක් වත්මන් කැබිනට් මණ්ඩලය අනුමත කර ඇතැයි ඔහු කියා සිටියේ සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
ලබන සැප්තැම්බර් මස 21 වැනිදායින් පසු සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛව ස්ථාපිත කරන රජය යටතේ මූල්‍ය වංචාවලට වගකිවයුතු සියලු පුද්ගලයින්ට නීතිය ක්‍රියාත්මක කෙරේ. සමගි ජන බලවේගය රාජපක්ෂවරුන් සමඟ රහස් සාකච්ඡා පවත්වන්නේ නැතැයි හෙතෙම අවධාරණය කළේය.
CATEGORIES දේශීය පුවත්
TAGS Mujibur Rahuman
