
ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට
ජනාධිපතිවරණය වෙනුවෙන් සක්‍රීයව දායකවීමට විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ආපසු පැමිණෙමින් සිටින බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදුන් ඡන්දවලට වඩා වැඩි ඡන්ද සංඛ්‍යාවක් තම පක්ෂයට ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙරට ඉතිහාසය උඩු යටිකුරු කරන විශිෂ්ට ජයග්‍රහණයක් මෙවර ලැබෙනු ඇතැයි ඔහු සඳහන් කළේය. ගෝල්ෆේස් අරගලය සිදුකළේ වත්මන් ජනාධිපතිවරයා බලයට ගෙන ඒමට නොවෙයි.
අරගලයට ගිය ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ අදහස වූයේ ගැඹුරු ව්‍යුහාත්මක වෙනසක් සිදු කිරීමයි. මාතෘ භූමියට අසාර්ථක ප්‍රතිඵල ලබාදෙමින් මේ දක්වා සිටි පාලකයින් රට විනාශ කර තිබේ. උත්තරීතර පාර්ලිමේන්තුව පාසල් දරුවන්ට පවා නැරඹීමට නොහැකි අසභ්‍ය වචන හුවමාරු වන ස්ථානයක් බවට පත්වී ඇතැයි හෙතෙම සදහන් කළේය.
CATEGORIES දේශීය පුවත්
