ඩෙබී සුළි කුණාටුව නිසා ඇමරිකාවේ ප්‍රාන්ත 4 ක හදිසි තත්ත්වයක්
ඩෙබී සුළි කුණාටුව හේතුවෙන් ඇමරිකාවේ ප්‍රාන්ත 4 ක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ. ඇමරිකාවේ ජෝර්ජියා, උතුරු කැරොලිනා , දකුණු කැරොලිනා හා වර්ජිනියා යන ප්‍රාන්තවල මෙම හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කර ඇත.
මේ අතර ෆ්ලොරිඩා ආණ්ඩුකාරවරයා පවසන්නේ තම ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 61 ක් සඳහා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ බවයි. ඩෙබී සුළි කුණාටුව හේතුවෙන් දැඩි වර්ෂාපතනයක් ඇති විය හැකි බවට ඇමරිකානු කාලගුණ මධ්‍යස්ථානය අනතුරු අඟවා තිබේ.
කුණාටුව හේතුවෙන් දැනටමත් ජෝර්ජියා හා දකුණු කැරොලිනා ප්‍රාන්ත ජලයෙන් යටව ඇත. ෆ්ලොරිඩා හා ජෝර්ජියා ප්‍රාන්තවල පිරිසක් අයහපත් කාලගුණය හේතුවෙන් සිදු වූ අනතුරුවලින් මිය ගියහ.
CATEGORIES විදෙස් පුවත්
