
ජනතාව ආර්ථික වශයෙන් නගා සිටුවීමට ජනපතිගෙන් සැලසුම්
රාජ්‍ය අංශය හා පෞද්ගලික අංශයට අමතරව ජනතා අංශයක් ද ඇතිකර ජනතාව ආර්ථික වශයෙන් නගා සිටුවීමට ක්‍රියාකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
එම ජනතා අංශයේ ධාවකයා බවට සමූපකාර ව්‍යාපාරය පත්වෙයි. ඒ වෙනුවෙන් ස්වාධීන හා ශක්තිමත් සමූපකාර ව්‍යාපාරයක් රටේ ගොඩනගන බව ජනාධිපතිවරයා පැවසීය.
වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ සමූපකාර ව්‍යාපාරයේ ඉදිරි ගමන් මඟ පිළිබඳ කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ ඊයේ පැවති සාකච්ඡාවකට එක්වෙමිනි. දිවයින පුරා සමූපකාර සමිති ජාලයේ සභාපතිවරු , අධ්‍යක්ෂ මණ්ඩල නිලධාරීහු ඇතුළු නියෝජිතයෝ විශාල පිරිසක් ඊට සහභාගී වූහ.
එවකට රටේ ශක්තිමත් ව්‍යාපාරයක්ව පැවැති සමූපකාරය 1970 වසරේ ප්‍රතිසංස්කරණවලින් පසු වෙනස් වූ බව ජනාධිපතිවරයා පැවසීය. සමූපකාර නීතිය වෙනස් කිරීමට කිසිවෙකුත් ක්‍රියා කළේ නැත. වර්තමානයේ සමූපකාර ව්‍යාපාරය දේශපාලනීකරණය වී තිබේ.
විවිධ සේවා සමූපකාර සමිතිවල බලය අල්ලා ගැනීමට සාමාජිකයන් ඉදිරිපත් කිරීම විහිළුවක් බවට පත් වී ඇත. රටේ පෝලිම් යුගය පිළිබඳ නැවත සිහිපත් කළ යුතු නැතැයි අවධාරණය කළ ජනාධිපතිවරයා ජනතාව ඉන් පීඩාවට පත් වූ බව පැවසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ණය ලබාදුන් රටවලින් ශ්‍රී ලංකාවට දැන් සහනයක් ලැබී තිබේ. එම සහනය ලබා ගනිමින් ගිවිසුම් ආරක්ෂා කරගෙන ඉදිරියට යාමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය. එම ගිවිසුම් බිඳ දැමීමෙන් යළි පෝලිම් යුගයකට යාමට සිදුවෙයි. එහිදී ශ්‍රී ලංකාවට උපකාර කිරීමට කිසිවකුත් ඉදිරිපත් නොවෙයි.
අවස්ථා 16 ක් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම් ඇති කර ගනිමින් ඒවා කඩකර ඇත. 17 වැනි වතාවටත් එවැනි දෙයක් සිදු වුවහොත් යළි කිසිඳු ආධාරයක් ලබාදිය නොහැකි බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනුම් දී තිබේ.
ඒ අනුව පළමු වතාවට එම කරුණු නීතියක් බවට පත්කර ආර්ථික පරිවර්තන නීතිය ඉදිරිපත් කර ඇතැයි ජනාධිපතිවරයා පැවසීය. මෙහිදී අදහස් දැක්වු අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා මීට වසර 2 කට පෙර මැතිවරණයක් ගැන හෝ තම අනාගතය ගැන සිතීමට ජනතාවට නොහැකි වූ බව සිහිපත් කළේය.
නමුත් වත්මන් ජනාධිපතිවරයා රට භාර ගැනීමෙන් පසු වසර දෙකක් වැනි කෙටි කාලයක් ඇතුළත රටේ ආර්ථිකය ස්ථාවර වී ඇතැයි අමාත්‍යවරයා පැවසීය.
