
තරුණ ප්‍රජාවගේ අපේක්ෂාවන් මල්ඵල ගැන්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානමින්
රටේ තරුණ ප්‍රජාවගේ අපේක්ෂාවන් මල්ඵල ගැන්වීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
තරුණ ප්‍රජාව අපේක්ෂා කරන නූතන පරම්පරාවේ දේශපාලන බලවේගයක් අවශ්‍ය වෙයි. සිය පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නිල වශයෙන් පත්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.
තමන්ට ගනුදෙනුවක් ඇත්තේ පාක්ෂිකයින් සමග පමණි. පාක්ෂිකයා මෙන්ම ජනතාව ජයග්‍රහණය කරවීම අරමුණයි. රටේ ඒකීයත්වය ආරක්ෂා කර ගනිමින් රට ජයග්‍රහණය කිරීමට ක්‍රියා කෙරේ. තම පක්‍ෂය හැර ගිය සියලු දෙනාට යළි ඒ සමග එකතු වන්නැයි ආරාධනා කරන බව රාජපක්ෂ මහතා සඳහන් කළේය.
CATEGORIES දේශීය පුවත්
