
ජනතා මූලික ආණ්ඩුවක් නිර්මාණය කරන බව ජාතික ජන බලවේගය කියයි
එකිනෙකා නිර්මාණය කළ ආණ්ඩු පසෙකලා මහජනතාවට ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීමේ අවස්ථාව එළැඹ ඇතැයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.
හෝමාගම පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ලබන සැප්තැම්බර් මස 21 වැනිදා සිට මහජනතාවගේ සැබෑ පාලනයක් පිහිටුවීම ආරම්භ වන බවයි. මෙරට ප්‍රාථමික කර්මාන්ත ආරම්භ කර තිබුණේ ජනතාවගේ මැදිහත්වීම මතයි. නමුත් වෙනත් රටවල ප්‍රාථමික කර්මාන්තවලට නව තාක්ෂණය ලබාදී ඒවා දියුණු කර තිබුණි. අලුත් දේවල් නිෂ්පාදනය නොකිරීමෙන් රටක් දියුණු නොවන බව විද්‍යාරත්න මහතා පැවසීය.
රට අර්බුදයෙන් ගොඩ ගැනීමට නම් පුනරුද යුගයක් නිර්මාණය කළ යුතුය. කර්මාන්ත හා කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් විශේෂ සංවර්ධන බැංකුවක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත. තම රජයක් යටතේ කර්මාන්ත ආරම්භ කිරීමට අවශ්‍ය වෙනත් යටිතල පහසුකම් සලසා දීමට ක්‍රියා කරන බව හෙතෙම සඳහන් කළේය.
