
සමගි ජන බලවේගයට රාජපක්ෂවරුන් සමඟ රහස් සාකච්ඡා නැතැයි අවධාරණය කෙරේ
සමගි ජන බලවේගයට රාජපක්ෂවරුන් සමග රහස් සාකච්ඡා අවශ්‍ය නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.
සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ තම පක්ෂය නිතරම රටේ ජනතාව විශ්වාස කරන බවයි.
රාජපක්ෂවරුන් සමඟ සාකච්ඡා අවශ්‍ය වන්නේ ජන මතයක් නොමැති පිරිසටයි.
රට බංකොලොත් කිරීමට දායක වු පිරිස වත්මන් ජනාධිපතිවරයා සමඟ සිටිති. ඔවුන් වත්මන් ජනාධිපතිවරයා වටා එක්වන්නේ තම ගැටළු විසඳා ගැනීමටයි.
රාජපක්ෂවරුන් නිර්මාණය කළ අර්බුදය හේතුවෙන් අද ඔවුන්ගේ දේශපාලන ව්‍යාපාරය කඩාවැටී ඇතැයි හෙතෙම සඳහන් කළේය.
CATEGORIES දේශීය පුවත්
