අධිකරණ අමාත්‍ය ධුරය ජනපති යටතට

අධිකරණ අමාත්‍ය ධුරය ජනපති යටතට

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් අදහස් විමසීමෙන් අනතුරුව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතට පත් කරමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ජනාධිපතිවරයාගේ නියමය පරිදි ජනාධිපති ලේකම්වරයා මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

මීට පෙර එම අමාත්‍ය ධුරයේ රාජකාරි කළ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙවර ජනාධිපතිවරණයට ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ තරග වැදීමට නියමිතයි.

ඒ හේතුවෙන් රාජපක්ෂ මහතා පසුගියදා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )