ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ සහාය ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට

ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ සහාය ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට

ඉදිරි ජනාධිපතිවරණයේදී තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දෙන බව ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික්කයේ බහුතර පාක්ෂිකයන්ගේ ඉල්ලීම අනුව තමන් මෙම තීරණයට එලඹි බව ඇය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. තීරණාත්මක දේශපාලන තීන්දු ගැනීමේදී දිස්ත්‍රික්කයේ ජනතාව සහ පාක්ෂිකයන්ට ඇහුන්කන්දීම තම දේශපාලන දිවියේ සෑමවිටම අනුගමනය කළ ප්‍රතිපත්තියක් බවද ඇය කියයි.

මේ අතර , ලංකා ජාතික ව්‍යාපාරයේ සහාය ද ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදෙන බව එහි නායක චින්තක වීරකෝන් මහතා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

CATEGORIES
TAGS
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )