වසරේ මුල් මාස හයේදී නව පුද්ගලික සමාගම් ලියාපදිංචිය 12 දහස ඉක්මවයි

වසරේ මුල් මාස හයේදී නව පුද්ගලික සමාගම් ලියාපදිංචිය 12 දහස ඉක්මවයි

මෙරටේහි නව පුද්ගලික සමාගම් ලියාපදිංචි කිරීම වසරින් වසර සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කර ඇතැයි සමාගම් රෙජිස්ට්‍රාර් වාර්තා පෙන්වා දෙයි. 2022 වසරේ ආර්ථික අර්බුදයෙන් පසු මෙම තත්ත්වය දැකගත හැකි වෙයි.

මේ වසරේ ජනවාරි පලමුවැනිදා සිට ජුනි 30 වැනිදා දක්වා සමාගම් 12 දහස් 651 ක් ලියාපදිංචිවී තිබේ.  2023 වසරේ මෙම කාලය තුළ ලියාපදිංචිවී ඇත්තේ සමාගම් 10 දහස් 520 කි.  දේශපාලන ස්ථාවරත්වය  ආර්ථිකය අඛණ්ඩව ප්‍රකෘතිමත්වීමට ඉහල දායකත්වයක් සපයා ඇත. එමගින් ව්‍යවසායකයන් අතර විශ්වාසය ඉහල ගොස් තිබේ.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )