මරණ දණ්ඩනයට නියමවී සිටි හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා නිදොස් කොට නිදහස්
සීදුව කොටුගොඩ පොලිස් මුරපොලක් අසලදී සිදුවු වෙඩි තැබිමකින් පුද්ගලයෙකු මිය ගියේය. වාහනයක් පරීක්ෂා කරමින් සිටි පොලිස් නිලධාරියාගේ ගිනිඅවිය උදුරා ගැනීමට තැත් කළ අයෙකු මෙසේ මිය ගොස් තිබේ. එම පුද්ගලයාගේ උදරයට වෙඩි වැදී ඇත. පොලිස් නිලධාරියාගේ පාදයට තුවාල සිදුවී තිබේ. මේ අතර 2012 වසරේ වැලිකඩ බන්ධනාගාරය තුළ ඇතිවු ගැටුම්වලින් සිරකරු ඝාතන චෝදනාවලට වරදකරු වී මරණිය දණ්ඩනය නියමව සිටි හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා නිදොස් කොට නිදහස් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළේය. මීට පෙර කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඔහුට එරෙහිව දඩුවම් නියම කර තිබුනි. එම දඩුවමට එරෙහිව ඔහු ඉදිරිපත් කළ ඇපෑලක් පිළිගැනීමෙන් පසු පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
CATEGORIES දේශීය පුවත්
