මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය  ඩිජිටල්කරණය කිරීම සදහා චීනයෙන් ආධාර

මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කිරීම සදහා චීනයෙන් ආධාර

මෙරට  අධ්‍යාපනය පුර්ණ ඩිජිටල්කරණයකට ලක් කිරීම සදහා චීනය ඇමරිකානු ඩොලර් කෝටි දෙකක ප්‍රදානයක් පිරිනමයි.

අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත් මහතාගේ මැදිහත්වීමෙන් එම ප්‍රදානය මෙරටට ලැබි තිබේ.  එහි  පළමු අදියරේදී පාසල් 500 ක් ඩිජිටල්කරණයට ලක් කිරීමට නියමිතයි.  ලබන ජනවාරි මාසයේ සිට  පළමු අදියර ක්‍රියාත්මකයි.

ඒ සදහා චීන රජයෙන් සුහුරු පුවරු දහසක් මෙරටට ලැබේ.  ඊට අමතරව තවත් සුහුරු පුවරු දහසක් සදහා වන ප්‍රතිපාදන විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් සපයන බව පාසල් ඩිජිටල්කරණය පිළිබදව අධ්‍යාපන නිලධාරින් දැනුවත් කිරීම සදහා සිය අමාත්‍යාංශයේ පැවති වැඩසටහනට එක්වෙමින් අධ්‍යාපන ඇමතිවරයා සදහන් කළේය.

CATEGORIES
TAGS
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )