අපේක්ෂකයන් 24 දෙනෙකු ජනාධිපතිවරණයට ඇප මුදල් තැන්පත් කර අවසන්
ජනාධිපතිවරණයට තරග කිරීම සදහා මේ වනවිට අපේක්ෂකයන් 24 දෙනෙකු ඇප මුදල් තැන්පත්කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි. පිළිගත් දේශපාලන පක්ෂ එකොළහකින්. වෙනත් දේශපාලන පක්ෂයකින් සහ ස්වාධීන අපේක්ෂකයන් දොලොස්දෙනෙකු එලෙස ඇප තැන්පත් කර තිබේ. මැතිවරණ නීති උල්ලංගනය කිරීම සම්බන්ධයෙන් මේ වනවිට මැතිවරණ කොමිසමට ලැබි ඇති පැමිණිලි සංඛ්‍යාව 137 කි. එම පැමිණිලිවලට අදාල විමර්ෂණ දැන් ක්‍රියාත්මකයි.
CATEGORIES දේශීය පුවත්
