ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට තාවකාලික හැදුනුම්පතක්
ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සදහා ජාතික හැදුනුම්පත් නොමැති බවට හදුනාගෙන ඇති එක්ලක්ෂ 50 දහසකට පමණ තාවකාලික හැදුනුම්පතක් දීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සම්පාදනය කෙරෙමින් පවතින බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා කියයි. මෙරට එක්කෝටි 71 ලක්ෂයක් වන ලියාපදිංචි ඡන්දදායකයන් අතර සිටින හැදුනුම්පතක් නොමැති පිරිසට කිසිදු බාධාවකින් තොරව තාවකාලික හැනුදුම්පතක් නිකුත් කිරීමට සියලුම ග්‍රාම නිලධාරිහු සුදානමින් සිටිති. තමන් අයත් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී හමුවී අවශ්‍ය ලියකියවිලි සම්පූර්ණ කිරීමෙන් පසු එම තාවකාලික හැදුනුම්පත ලබාගත හැකිය. සහකාර සහ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් ඇතළු නිලධාරින් දැනටමත් ඒ සම්බන්ධයෙන් දැනුවත් කර ඇතැයි රත්නායක මහතා සදහන් කරයි. යමෙකුට ජාතික හැදුනුම්පතක් නොමැතිනම් රියදුරු බලපත්‍රය , විශ්‍රාමික හැදුනුම්පත හෝ විදේශ ගමන් බලපත්‍රය භාවිත කර ඡන්දය ප්‍රකාශ කිරීමේ හැකියාව පවති.
