පුනරුද යුගයකට රට ගෙනයාමේ අවස්ථාව දැන් උදාවී ඇතැයි ජාතික ජලබලවේගය කියයි
මෙරට ජනතාවගේ අපේක්ෂාවවී තිබෙන පුනරුද යුගයකට රට ගෙනයාමේ අවස්ථාව දැන් උදාවී ඇතැයි ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය කියයි. එලඹෙන ජනාධිපතිවරණය සුවිශේෂි එකක් ලෙස ඇය හදුන්වයි. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඇය සදහන් කළේ ජාතික ජනබලවේගයේ කාන්තා ජාතික සමුළුව ලබන 25 වනදා කොළඹ දී පැවැත්වෙන බවයි. ඒ සදහා සියළු කටයුතු මේ වනවිට සූදානම්ය. ඒ පිළිබඳ සියළු විස්තර ඉදිරියේදී ඉදිරිපත් කරන බව අමරසුරිය මහත්මිය පැවසුවාය. රටේ සමස්ත කාන්තාවන්ගේ සහාය ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට ලැබිම නිසැක බව ඇය සඳහන් කළාය.
CATEGORIES දේශීය පුවත්
