
ආදිවාසීන් පිළිබඳ අන්තර්ජාතික දිනය අදයි
ආදිවාසින් පිළිබඳ අන්තර්ජාතික දිනය අදයි. 1994 දෙසැම්බර් 23 වැනිදා පැවති එක්සත් ජාතින්ගේ මහ මණ්ඩල සමුළුවේදී සෑම වසරකම අගෝස්තු 09 වැනිදා ආදිවාසීන් පිළිබඳ අන්තර්ජාතික දිනය ලෙස නම් කෙරිණ.
ආදිවාසී ජනකොටස් රැක ගැනීම සදහා ලොවපුරා ජනතාව දැනුවත් කිරීම එහි අරමුණ විය. සංක්‍රමණයකට හෝ ආක්‍රමණයකට පෙර යම් නිශ්චිත ප්‍රදේශයක විසු ජනයා ආදිවාසීහු ලෙස හැදින්වෙති. මේ වනවිට ලොවපුරා රටවල් 90 කට වැඩි සංඛ්‍යාවක ආදිවාසීහු ජීවත් වෙති.
නවසිලන්තයේ මෞරිය ජාතිකයෝ , ඔස්ට්‍රෙලියාවේ ඇබර්ජින්වරු , මධ්‍යම ඇමෙරිකාවේ මායාවරු , මධ්‍යම අප්‍රිකාවේ කොංගෝ වනාන්තර ආශ්‍රිතව ජීවත් වන පික්මිවරු , උතුරු ආක්ටික් ප්‍රදේශවල එස්කීමෝවරු , යුරෝපයේ ආදිවාසීහු හා ශ්‍රී ලංකාවේ වැදි ජනතාව ඒ අතර වෙති.
මෙරට ගම්මාන 62 ක ලක්ෂ පහක පමණ වැදි ජනතාවක් ජීවක් වන බව සදහන් වෙයි. දඹාන , වාකරේ , පොල්ලේබැද්ද , රතුගල , දිඹුලාගල , හෙනානිගල එම ප්‍රදේශ අතර වෙයි. පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ දිලෙන පාත්‍රගොඩ මහතා පවසන්නේ ආදිවාසීන්ගේ අයිතිවාසිකම් පිළිබඳව අවධානය යොමු කිරීම ආදිවාසීන් පිළිබඳ අන්තර්ජාතික දිනයේ මුලික අරමුණක් බවයි.
