සුරියවැව සිට හත්පෝරුව දක්වා බස් රථයක් ධාවනය නොවීම ජනතාව දැඩි දුෂ්කරතාවයට පත්කරයි
සුරියවැව නගරයේ සිට අලිඔලුආර හරහා හත්පෝරුව දක්වා ධාවනය කළ බස් රථය දැන් ධාවනය නොවීම හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බව ජනතාව පවසති. වෙනත් කිසිදු මගී ප්‍රවාහන සේවාවක් එම මාර්ගයේ ක්‍රියාත්මක නොවේ. එම බස් සේවය යලි ආරම්භ කරන්නැයි ඔව්හු බලධාරින්ගෙන් ඉල්ලා සිටිති. අම්බලන්තොට ලංගම ඩිපෝව ධාවන කළමනාකාර තුමනි මේ ඔබේ අවධානයටයි.
