රත්මලාන නව ඩීසල් බලවේග කට්ටල අලුත්වැඩියා අංගනය සදහා මුල්ගල් තැබේ

දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ රත්මලාන නව ඩීසල් බලවේග කට්ටල අලුත්වැඩියා කිරීමේ වැඩිබිම් අංගනය සදහා මුල්ගල් තැබිම ප්‍රවාහන හා මහමාර්ග අමාත්‍යංශයේ ලේකම් රංජිත් රූබසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුවිය.  දුම්රිය දෙපාර්තමේන්තුවේ ධාවන ඇනියේ පවතින සහ ඉදිරියේදී ඊට එක් කිරීමට නියමිත නව එන්ජින් හා මැදිරි කෙරෙහි අවධානය යොමු කරමින් ඒවා අලුත්වැඩියා කිරීම සදහා ඇති පහසුකම් වැඩිදියුණු කිරීම මෙම අංගනය ඉදිකිරීමේ අරමුණයි.  ඉදිකිරීමට යෝජිත නව ගොඩනැගිල්ල පහසුකම් රැසකින් සමන්විතයි.  ආසියානු සංවර්ධන බැංකුව ඒ සදහා ණය ආධාර සපයයි.  ව්‍යාපෘතියේ සමස්ත කොන්ත්‍රාත් වටිනාකම රුපියල් කෝටි 270 කි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )