
විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යශයේ උපදේශක මණ්ඩලයට නව පත්කිරීම් කිහිපයක්
අවියානා හෝටල් සමුහයේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරි ආචාර්ය ඉන්දික තිසර හේවාවසම් මහතා විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යශයේ උපදේශක මණ්ඩලයට පත්කර තිබේ.
මීට පෙර එම හෝටල් සමුහයේ ජාත්‍යන්තර වෙළෙඳ සබදතා අංශයේ අධ්‍යක්ෂ ඇන්ජලෝ ඩී. මියුරන් ජෝශප් මහතා ද විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ උපදේශක මණ්ඩලයට පත් කෙරිණි.
විදේශ ප්‍රතිපත්ති සැකසීමේදී සංචාරක කර්මාන්තයට සම්බන්ධ ව්‍යවසායකයින්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීම ඇතුඵ කරුණු කිහිපයක් මුල් කරගෙන මෙම උපදේශක මණ්ඩලය පත්කර තිබේ. රාජ්‍ය ඇමති තාරක බාලසුරිය මහතා අදාල පත්කිරීම් සිදුකර ඇත.

CATEGORIES දේශීය පුවත්
