ජනාධිපතිවරණය සඳහ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

ජනාධිපතිවරණය සඳහ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

ජනාධිපතිවරණයේදී තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සදහා අයදුම් කිරීමට දී ඇති කාල සීමාව අද මධයම රාත්‍රි 12.00 ට අවසන් වෙයි.

මැතිවරණ කොමිසම පවසන්නේ රාජ්‍ය සේවකයන්ට අදත් තම තැපැල් ඡන්ද අයදුම්පත් ආයතන ප්‍රධානියා මගින් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට යොමු කළ හැකි බවයි.

තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම පසුගිය සඳුදා අවසන් වීමට නියමිතව තිබු අතර එම කාලසීමාව දීර්ඝ කෙරිණි.  අයදුම්පත් භාර ගැනීමේ කාලසීමාව යලි දීර්ඝ නොකරන බව මැතිවරණ කොමිසම අවධාරණය කරයි.

CATEGORIES
TAGS
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )