ඩොනල්ඩ් ට්‍රම්ප් හා කමලා හැරිස් අතර පළමු විවාදය ලබන මස 10 වැනිදා

ඇමරිකානු ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා හා උප ජනාධිපති කමලා හැරිස් මහත්මිය අතර පළමු විවාදය ලබන මස 10 වැනිදා පැවැත්වීමට නියමිතයි.   ඒ බී සී පුවත් සේවය ඒ සඳහා සත්කාරකත්වය සැපයීමට ඉදිරිපත්ව සිටී.  සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් එම පුවත් සේවය ඒ බව සඳහන් කර තිබේ.  ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඊයේ පැවසුවේ තම ඩිමොක්‍රටික් පාක්ෂික අපේක්ෂිකාව සමඟ ඕනෑම විවාදයකට සුදානම් බවයි. තමා ද ඕනෑම විවාදයකට සුදානම් බව කමලා හැරිස් මහත්මිය  මිචිගන් ප්‍රාන්තයේ ඊයේ පැවති උත්සවයක දී සඳහන් කළාය.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )