
මනූෂ නානායක්කාර හා හරීන් ප්‍රනාන්දුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම නීත්‍යනුකූලයි
මනූෂ නානායක්කාර හා හරීන් ප්‍රනාන්දු යන ඇමතිවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණය නීත්‍යනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළේය.
තම පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණය නීතියට පටහැනි බවට තීන්දුවක් දෙන්නැයි ඉල්ලා එම ඇමතිවරුන් දෙදෙනා පෙත්සමක් ඉදිරිපත් කර තිබිණි. එය නිෂ්ප්‍රභ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අදාල තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
විජිත් මලල්ගොඩ, අචල වෙන්ගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් අදාල තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
CATEGORIES දේශීය පුවත්
