
ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඇසල පෙරහර මංගල්‍යය පළමු කුඹල් පෙරහර අද රාත්‍රියේ
ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඇසල පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර අද රාත්‍රියේ වීථි සංචාරය කරයි.
කුඹල් පෙරහර අවසන් වන්නේ ලබන 14 වැනිදායි. පසුගිය සදුදා කප්සිටුවීමෙන් පෙරහර මංගල්‍යය ආරම්භ විය.
එදින සිට අද දක්වා දේවාල අභ්‍යන්තර පෙරහර පැවැත්විණි. ලබන 15 වැනිදා සිට 19 වැනිදා දක්වා රන්දෝලි පෙරහර වීථි සංචාරය කරයි.
ලබන 19 වැනිදා අවසන් රන්දෝලි පෙරහර විථි සංචාරය කර සදාතුක පෙරහර කරඬුව ඓතිහාසික ගෙඩිගේ රජමහා විහාරස්ථානයේ තැන්පත් කිරීමෙන් පසු සිව්මහ දේවාල පෙරහර ගැටඹේ දිය කපනා ගංතොටේදී දිය කැපීම සිදු කරයි.
ඉන් අනතුරුව දිවා පෙරහර සහ පෙරහර නිමාවට පත්වු බව සදහන් සංදේශය දියවඩන නිලමේවරයා විසින් ජනාධිපතිවරයා වෙත භාරදීමෙන් පසු මෙවර වාර්ෂික මහනුවර ඇසල පෙරහර මංගල්‍ය නිමාවට පත්වෙයි.