බ්‍රසිලයේ ගුවන් යානා අනතුරකින්  පුද්ගලයන්  61 දෙනෙකු ජීවිතක්ෂයට

බ්‍රසිලයේ ගුවන් යානා අනතුරකින් පුද්ගලයන් 61 දෙනෙකු ජීවිතක්ෂයට

බ්‍රසිලයේ සාඕපාවුලෝ ප්‍රාන්තයේදී ගුවන් යානයක් කඩා වැටිමෙන් එහි සිටි පුද්ගලයන්  61 දෙනාම ජිවිතක්ෂයට පත්ව තිබේ.

ද්විත්ව එන්ජින් සහිත මෙම ගුවන් යානයේ දකුණු ප්‍රාන්තයේ කැස්කැවෙල් සිට සාඕපාවුලෝ නගරයේ ගුවන් තොටුපලක් දක්වා පියසර කරමින් තිබියදී වින් හෙඩෝ නගරයට කඩා වැටි ඇතැයි වෝපාස් ගුවන් සේවය පවසයි.

ගුවන් යානය සිරස්ව පහතට වැටෙන ආකාරය සමාජ මාධ්‍යවල දැක්වේ.

යානය කඩා වැටෙන අවස්ථාවේ මගීන් 57 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 04 දෙනෙකු සිට ඇත. ප්‍රාදේශිය බලධාරින් සදහන් කළේ දිවි ගලවාගත් නොමැති බවයි.

CATEGORIES
TAGS
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )