හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් මාමඩල වැව ප්‍රතිසංස්කරණය කරදෙන ලෙස ගොවින් අදාල බලධාරින්ගෙන් ඉල්ලා සිටිති

හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් පුරාණ ඓතිහාසික මාමඩල වැව ප්‍රතිසංස්කරණය කරදෙන ලෙස ප්‍රදේශයේ ගොවිජනතාව අදාල බලධාරින්ගෙන් ඉල්ලා සිටිති.

මෙය බ්‍රිතාන්‍ය පාලන සමයේ වලවේ ගඟෙන් ජල පහසුකම් ලබාගෙන විශාල තෙත්බිම් වගා කරන ලද මහ ජලාශයකි.

මේ වනවිට එය වසර ගණනාවක් පුරා පුරන් වෙමින් වගුරුබිමක් බවට පත්ව තිබේ.  දැනට ලියන්ගස්තොට ව්‍යාපාරයට ජලය ගෙන යන්නේ මාමඩලවැව හරහා ගලා යන ඇල මාර්ගයෙනි.

දකුණු පළාත් ආණ්ඩුකාර තුමනි මේ ඔබේ අවධානයටයි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )