
සමස්ත ලංකා ආරාධිත පාසල් හොකී තරගාවලිය අද සහ හෙට කොළඹ දී
කොලඹ රාජකීය විද්‍යාලයීය හොකී ක්‍රීඩා සමාජය සංවිධාන කරන සමස්ත ලංකා ආරාධිත පාසල් හොකී තරගාවලිය අද සහ හෙට එම විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී පැවැත්වෙයි.
පිරිමි සහ කාන්තා දෙඅංශයෙන්ම පැවැත්වෙන තරගාවලියට කණ්ඩායම් 68 ක් සහභාගි වන බව රාජකීය විද්‍යාලයීය හොකී ක්‍රීඩා සමාජයේ ලේකම් දමිත සිල්වා මහතා පවසයි.
ජයග්‍රාහි කණ්ඩායම් සදහා බ්ලු ඇන්ඩ් ගෝල්ඩ් කුසලානය පිරිනැමෙයි. උතුරු හා නැගෙනහිර ඇතුළු සියලු පළාත් නියෝජනය කරමින් පාසල් හොකී කණ්ඩායම් තරගාවලියට සහභාගි වෙයි.
CATEGORIES ක්‍රීඩා පුවත්
