විගමණික සේවකයන්ගෙන් පසුගිය මාසයේ ඩොලර් කෝටි 56 ක ප්‍රේෂණ

විගමනික සේවකයන් පසුගිය මාසයේ මෙරටට එවා ඇති ප්‍රෙෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් 56 කෝටි 60 ලක්ෂයක් බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය කියයි.

පසුගිය වසරේ ජුලී මස හා සැසදීමේදී එය සියයට 10 යි දශම 3 ක වර්ධනයකි.

පසුගිය වසරේ මාර්තු මාසයේ සිට විගමණික සේවකයන් එවන ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් කෝටි 50 ඉක්ම වු අතර ගෙවිගිය මාස 6 පුරා අඛණ්ඩව ඩොලර් කෝටි 50 සීමාව ඉක්මවා යාමට හැකි වී තිබේ. නිත්‍යානුකුල ක්‍රම ඔස්සේ රටට මුදල් එවන ශ්‍රමිකයන් සදහා විදුලි වාහන ආනයන බලපත්‍ර නිකුත් කිරීම, අඩු පොලියට බහුකාර්යය ණය සැපයීම, නිවාස ණය යෝජනා ක්‍රම ඇතුඵ දිරි ගැන්වීම් රැසක් කම්කරැ හා විදේශ රැකියා අමාත්‍යංශය සපයයි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )