ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා අමෙරිකානු ආධාර වැඩසටහනෙන් රුපියල් කෝටි 720 ක්

ශ්‍රී ලංකාවේ සංවර්ධනය සදහා රුපියල් කෝටි 720 ක් සැපයීමට ජාත්‍යන්තර සංවර්ධනය සදහා වු එක්සත් ජනපද නියෝජිත ආයතනය ඉදිරිපත්ව සිටී.

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වු එම ආයතනයේ ආසියා කාර්යාංශයේ සහකාර පරිපාලක මයිකල් ෂිෆර් මහතා මුදල් අමාත්‍යංශයේ පැවැති උත්සවයකදී ඒ බව හෙළි කළේය.

රාජ්‍ය ඇමති ෂෙහාන් සේමසිංහ හා ජාත්‍යන්තර සංවර්ධනය සදහා වු එක්සත් ජනපද නියෝජිත ආයතනයේ ශ්‍රී ලංකා හා මාලදිවයින් දුත මණ්ඩල අධ්‍යක්ෂ ගේබ්‍රියෙල් ග්‍රෞ යන මහත්වරුද එම අවස්ථාවට එක්ව සිටියහ.

සංවර්ධනය අරමුණු කර ශ්‍රී ලංකාව හා එම ආයතනය අතර ඇති කරගත්  ගිවිසුමකට අනුව සපයන එම මුදල් ශ්‍රී ලංකාවේ වෙළෙදපොල මත පදනම් වු වර්ධනය ශක්තිමත් කිරීමටත් .

පාරිසරික තිරසර භාවය සහ ඔරොත්තුදීමේ හැකියාව පෝෂණය කිරිමටත්, යහපාලන භාවිතයන් ප්‍රවර්ධනය කිරීමටත් දායක වනු ඇත.

රජය ,රාජ්‍ය නොවන සංවිධාන සහ සිවිල් සමාජය සමගින් ඇති කරගත් හවුල්කාරීත්වයේ ප්‍රතිඵලයක් ලෙස මෙම අරමුදල් ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිතවල ධනාත්මක වෙනසක් ඇතිකරන සහයෝගී වෑයමට ආධාර දෙනු ඇතැයි ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය විශ්වාසය පල කරයි.

ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ජුලී චංග් මහත්මිය මෙම අතිරේක අරමුදල් මගින් ආර්ථික වර්ධනය සහ යහපාලනය සදහා අමෙරිකානු ජනතාවගේ අඛණ්ඩ කැපවීම අවධාරණය කරයි.  අමෙරිකාව 1956 සිට ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් ආයෝජනය කර තිබේ.

එම ජනතාවගේ ව්‍යවසායකත්ව කටයුතු සදහා ඔවුන් සවිබල ගැන්වීමේ දේශගුණික විපර්යාස හා සර්ව ආර්ථික කම්පනවලට ඔරොත්තුදීමට ශ්‍රී ලංකාවේ හැකියාව ශක්තිමත් කිරීමේ හා රටපුරා ජිවිත සවිමත් කිරීමේ කාර්යයට අමෙරිකාව එදා මෙදා තුර දායකවී තිබේ.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )