පැරිස් ඔලිම්පික් ක්‍රිඩා උළෙල හෙටින් අවසන් – ප්‍රථම ස්ථානය සදහා අමෙරිකාව සහ චීනය අතර තියුණු තරගයක්
ප්‍රංශයේ පැරිස් අගනුවර පැවැත්වෙන 2024 ඔලිම්පික් ක්‍රිඩා උළෙල හෙටින් අවසන් වෙයි. ක්‍රිඩා උළෙලේ පළමු ස්ථානය හිමිකර ගැනීම සදහා එක්සත් ජනපදය සහ චීනය අතර පවතින්නේ තියුණු තරගයකි. අමෙරිකාව මේ වනවිට රන් පදක්කම් 33ක් රිදි පදක්කම් 39 ක් හා ලෝකඩ පද්කකම් 39 ක් වශයෙන් සමස්ත පදක්කම් 111 ක් දිනාගෙන තිබේ.
චීනය රන් පදක්කම් 33ක්, රිදී පදක්කම් 27 ක් හා ලෝකඩ පදක්කම් 23 ක් වශයෙන් සමස්ත පදක්කම් 83 ක් දිනා දෙවන ස්ථානයේ පසුවෙයි.
ක්‍රිඩා උළෙලේ 3 වන ස්ථානය ඕස්ට්‍රේලියාව හිමිකරගෙන ඇත්තේ රන් පදක්කම් 18 ක්, රිදි පදක්කම් 16ක් හා ලෝකඩ පදක්කම් 14 ක් තමන් සතු කරගනිමිනි.
රන් පදක්කම් 16 ක් ලබා ජපානය පදක්කම් සටහනේ සිව්වන ස්ථානයේ පසුවෙයි.
පස්වන ස්ථානය සදහා සත්කාරක ප්‍රංශය හා බ්‍රිතාන්‍යය අතරද තියුණු තරගයක් පවතී. බ්‍රිතාන්‍යය මේ වනවිට රන් පදක්කම් 14 ක්.
රිදි පදක්කම් 20 ක් හා ලෝක පදක්කම් 23 ක් වශයෙන් සමස්ත පදක්කම් 57 ක් දිනාගෙන සිටී. ප්‍රංශය ලබාගෙන ඇති සමස්ත පදක්කම් සංඛ්‍යාව 56 කි.
ඒ රන් පදක්කම් 14. රිදි පදක්කම් 20 ක් හා ලෝකඩ පදක්කම් 22 ක් වශයෙනි.
