රාජ්‍ය පාලනය ඩිජිටල්කරණය කරන බව විපක්ෂ නායක පවසයි

රාජ්‍ය පාලනය ඩිජිටල්කරණය කරන බව විපක්ෂ නායක පවසයි

තම පාලනයක් යටතේ රාජ්‍ය පාලනය ඩිජිටල්කරණය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි’ රැකියා විරහිත උපාධිධාරීන් හා විපක්ෂ නායකවරයා අතර ඊයේ පැවති සාකච්ඡාවක දී ඔහු මේ බව සඳහන් කළේය.

රැකියා විරහිත උපාධිධාරීන්ට විවිධ විකල්ප හඳුන්වාදීමට අපේක්ෂා කෙරේ. එම උපාධිධාරිීන් සියළුදෙනාට රැකියා සම්බන්ධයෙන් නිසි විසඳුම් ලබාදෙන බව ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය මහජන මුදල්වලින් සිය මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිඳාුකරන බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව පවා දැනුවත් කර තිබේ.

මද්දුමබණ්ඩාර මහතා මෙම අදහස් පළ කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ඊයේ ඇප තැන්පත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

වැටී තිබෙන රට ගොඩ ගත යුතුය. ඒ වෙනුවෙන් විපක්ෂ නායකවරයාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය ස්ථිර බව හෙතෙම සඳහන් කළේය. තරුණ ප්‍රජාව වෙනුවෙන් ඉදිරියේ දී යහපත් රටක් නිර්මාණය කළ යුතුය.

මෙරට පාලනය මෙහෙයවිය හැකි නායකයින් පිරිසක් සජිත් ප්‍රේමදාස මහතා වටා එක් වී ඇතැයි හෙතෙම සඳහන් කළේය.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )