අධ්‍යාපනය පුළුල් කිරීම වෙනුවෙන් වැඩපිළිවෙලක්

අධ්‍යාපනය පුළුල් කිරීම වෙනුවෙන් වැඩපිළිවෙලක්

අධ්‍යාපනය පුළුල් කිරීම වෙනුවෙන් වැඩපිළිවෙලක් සකස් කරමින් තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඉදිරි වසර කිහිපයේ දී ඒ වෙනුවෙන් විශාල මුදලක් වැය කිරීමට අපේක්ෂා කෙරේ. සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා ද අවශ්‍ය මුදල් වෙන් කිරීමට සැලසුම් කර ඇත.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමයේ සාමාජිකාවන්ට ජනාධිපති පදක්කම් පිරිනැමීම වෙනුවෙන් කොළඹ ඊයේ පැවැති උත්සවයකට එක්වෙමිනි.

අධ්‍යාපනය පොතපතට සීමා කළ නොහැකිය. දරුවන්ට ඉදිරියට යාමට නව අවස්ථා උදාකර දිය යුතුය. ඒ සඳහා ඉදිරියේ දී මුදල් වැය කරන බව ජනාධිපතිවරයා සඳහන් කළේය. එහිදී බාලදක්ෂ ව්‍යාපාරය සෑම අංශයකින්ම දියුණු කිරීමට අපේක්ෂා කෙරේ.

එහි සාමාජිකත්වය වැඩි කිරීම අරමුණයි. ඊට අවශ්‍ය සහාය රජය ලබා දෙන බව වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. දිස්ත්‍රික් මට්ටමින් හා ජාතික මට්ටමින් බාලදක්ෂ කඳවුරු ඇතිකිරීමට යම්කිසි කාලයකට හෝ රජයේ ගොඩනැගිලි ලබාදීමේ හැකියාව පවතී.

අධ්‍යාපන අමාත්‍යංශය සමග එක්වී එම වැඩසටහන් ක්‍රියාත්මක කරන්නැයි ජනාධිපතිවරයා දැනුම් ඳාුන්නේය.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )