මෙරට දේශපාලන පක්ෂ 86න් වැඩි සංඛ්‍යාවක සහාය ජනපතිට
මෙරට දේශපාලන පක්ෂ 86 ක් පමණ තිබෙන බවත් ඉන් වැඩි ප්‍රමාණයක් ඉදිරි සතියේ දි ජනාධිපතිතුමාට සහය දීමට සංධානගත වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන මහතා පවසයි. මේ නිසා මෙම සතිය ඉතා තීරණාත්මක බව හෙතෙම කියා සිටියි.
මීට වසර 2 කට පෙර කිසි අයෙකුට දේශපාලන රැස්විමක් හෝ පැවැත්විමේ වාතාවරණයක් නොතිබුණි.
විපක්ෂ නායකවරයා වගකිම් බාරගැනිමට බියේ රෝහල්ගත වු බව වජිර අබේවර්ධන මහතා සිහිපත් කරයි. වත්මන් ජනාධිපතිවරයා බියේ පලාගියේ නම් වර්තමානයේ දි කිසිදු අයෙකුට දේශපාලනය කිරිමට රටක් ඉතිරි නොවන බව ඔහු කිවේය.
CATEGORIES දේශීය පුවත්
