සැබෑ ජනවරමක් තුළින් රට සංවර්ධනය කරන බව විපක්ෂ නායක කියයි

සැබෑ ජනවරමක් තුළින් රට සංවර්ධනය කරා ගෙනයාමට තමන් සුදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

බලහත්කාරයෙන් බලයේ සිටිමට ක්‍රියා කරන කණ්ඩායම සහ ප්‍රචණ්ඩත්වයෙන් රට විනාශ කළ කණ්ඩායම ද ඉදිරි ජනාධිපතිවරණයේදී පරාජය කරන බව ඔහු ගාල්ල දිස්ත්‍රික් ජනරැලිය අමතරමින් සදහන් කළේය.

රජයක් භාර ගැනීමට සුදුසුම කණ්ඩායම සිටින්නේ තමා සමග බවද හෙතෙම කියයි.

වර්තමානයේදී විවිධ නායකයින්ගේ වැරදි තීන්දු නිසා තරුණ ප්‍රජාව සහ ජනතාව විපතට පත්ව තිබේ.

රැකියා වෙළෙඳපොල, අධ්‍යාපනය, ව්‍යවසායකත්වය සහ සමාජ ආරක්ෂණය ද අහිමිවී ඇති බව ප්‍රේමදාස මහතා හම්බන්තොට පැවති ජනරැලියකදී කීවේය.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )