ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය 26 වැනිදා ජනගත කෙරේ
ජාතික ජන බලවේගයේ විද්වත් ව්‍යාපාරික හමුව ඊයේ පස්වරුවේ මහරගමදී පැවැත්වුණි.
එහිදී එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ කප්පම් චෝදනා ඇති ඇතැම් ඇමතිවරුන් සිටින රටවල ආයෝජනය සදහා ආයෝජකයින් පැමිණෙන්නේ නැති බවයි.
තමන් විදේශ නියෝජිතයන්ගේ ඉතිහාසය ගුගල් මගින් සොයා බලා ඔහු සමග සාකච්ඡා කරන බවත්, එමගින් ඔහු ජනප්‍රිය කුමකටදැයි සොයා ගත හැකි බවත් හෙතෙම කීවේය.
ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 26 වැනිදා එලිදැක්වීමට නියමිතයි.
CATEGORIES දේශීය පුවත්
