ජනාධිපතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් තව නොබෝ දිනකින් දිවයිනට

ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම ලබන බදාදා දහවල් 12.00 ට අවසන් කෙරේ.  මේ දක්වා ඇප තැන්පත් කර ඇති අපේක්ෂකයින් සංඛ්‍යාව 29 කි.

ඉදිරිපත් වන අපේක්ෂකයින් සංඛ්‍යාව ඉහල යන්නේ නම් ඒ සදහා වැය වන මුදල් ද ඉහලයනු ඇත.

1994 වසරේ සිට පැවති ජනාධිපතිවරණයන් හිදී ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා හැර සෙසු අපේක්ෂකයෙකු ලබා ඇති ඉහලම ඡන්ද ප්‍රතිශතය 4 යි දශම බිංදුවයි 8 කි.

අවසන් වරට පැවති 2019 ජනාධිපතිවරණයේදී ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාට අමතරව ඉතිරි අපේක්ෂකයින් 33 දෙනාටම ලැබි ඇත්තේ සියයට 2 යි දශම 5 ක ඡන්ද ප්‍රමාණයකි.

සියයට 2 ක හෝ ඡන්ද ප්‍රමාණයක් ලබාගත නොහැකි අපේක්ෂකයින්ගේ ඇප මුදල් රාජසන්තක වනු ඇතැයි පැෆරල් සංවිධානය කියයි.

මේ අතර, ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සදහා විදේශිය නිරීක්ෂකයන්ට මැතිවරණ කොමිෂන් සභාව අවසරදී ඇත.

යුරෝපා සංගමය සහ පොදු රාජ්‍ය මණ්ඩලීය නිරීක්ෂකයින්ට එහිදී අවසර ලබාදී තිබේ.  එම නිරීක්ෂණ කණ්ඩායම් තව නොබෝ දිනකින් දිවයිනට පැමිණෙති.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )