
ඉදිරියේදී ජනතා කේන්ද්‍රීය රජයක් පිහිටුවීමට ජාතික ජන බලවේගය සූදානමින්
ජනතාව රැකබලා ගැනීමේ ජනතා කේන්ද්‍රීය රජයක් පිහිටුවන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ජනතාව බඩගින්නේ තබා ආණ්ඩු පිහිටුවීමෙන් ඵලක් නැත. ග්‍රාමීය ජනතාවට සිය ජීවන රටාව ඉක්මවා යාමට ඇති එකම ක්‍රමවේදය ඉහළ අධ්‍යාපනයක් ලැබීමයි. වර්තමානයේ දෙමාපියන්ට බරක් වී ඇති අධ්‍යාපනය එම දෙමාපියන්ගෙන් නිදහස් කරගෙන රජයේ වගකීමක් බවට පත් කරගන්නා බව හෙතෙම සඳහන් කළේය.
දිසානායක මහතා මේ බව සඳහන් කළේ අනුරාධපුරයේ පසුගියදා පැවති ජාතික ජන බලවේගයේ ජන හමුවකට එක්වෙමිනි. දරුවන්ට පාසල් අධ්‍යාපනය මග නොහැරෙන පරිදි නව නීති සකස් කළ යුතුය. එමග’ින් අධ්‍යාපනයේ නව පරිවර්තනයක් ඇති කිරීමට අපේක්ෂා කෙරේ.
සෑම වෘත්තියකටම ඉහළ ආදායමක් ලබාගත හැකි වන පරිදි නව ප්‍රතිසංස්කරණ සිඳාුකළ යුතුය. වර්තමානයේ රටේ ගොවිතැනට ගරුත්වයක් ලැබී නොමැත. ගොවි ජනතාව විශාල පීඩනයකින් පසුවෙති. කෘෂි කර්මාන්තය ලාභදායී ආදායමක් සහිත වෘත්තියක් බවට පත්කරන බව දිසානායක මහතා සඳහන් කළේය.
