ඉන්දීය බිත්තර තොග ලංකා සතොස හරහා වෙළෙඳ පොලට

ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර තොගයෙන් පළමු තොගය මේ මාසයේ දි මෙරටට ලැබෙන බව රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාව සදහන් කරයි.

බිත්තර කෝටි 3 ක් පමණ ආනයනය කිරිමට නියමිතයි.

වැට් ඇතුලු රජයේ බදු ගෙවා බිත්තර ආනයනය කරන  බවත් ලංකා සතොස හරහා ඒවා අලෙවි කරන බවත් එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසීය.

පසුගිය කාලයේ දේශිය බිත්තර වෙළෙදුන් අසිමිත ලෙස බිත්තරවලින් ලාභ ලබා තිබේ.

බිත්තර ආනයනය කරන බව පැවසු විට යම් ප්‍රමාණයකට බිත්තර මිල අඩුකරන මෙම නිෂ්පාදකයින් ආනයනය අත්හිටවු වහාම රුපියල් 50 ට වැඩි මිලකට බිත්තරයක් අලෙවි කරනු ලැබේ.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )